රෙදි ර�ෝ�දන යන්තෙය / පෝරිර�ෝ�ගික අ්ත රපෝත
29 / SI
1
සාමාන්ය ආරක්ෂක උපදෙස්
තුවාල සිදු වීම් සහ ද්රව්යමය හානි අවදානම් වළක්වා ගැනීමට උපකාරී විය හැකි
ආරක්ෂක උපදෙස් මෙම කොටසේ අඩංගු වේ. මෙම උපදෙස් පිළි නොපදින්නේ
නම් සියලුම ආකාරයේ සහතික වලංගු නොවනු ඇත.
1.1 ජීවිත සහ දේපල ආරක්ෂාව
u
කාපට් එකකින් ආවරණය කරන ලද පොළොවක් මත කිසි විටෙක නිෂ්පාදනය
නොතබන්න. යන්ත්රය යට වාතය සංසරණය වීමට නොහැකි බැවින්, විදුලියෙන්
ක්රියාකරන කොටස් වල රත් වීමක් ඇති විය හැකිය. මේ නිසා ඔබේ නිෂ්පාදනයේ
ගැටළු ඇති විය හැකිය.
u
භාවිතා නොකරන්නේ නම් නිෂ්පාදනය පේනුවෙන් ගලවන්න.
u
සෑම විටම, සවි කිරීම සහ අලුත්වැඩියා කිරීමේ ක්රියාපටිපාටීන්, බලයලත් සේවා
නියෝජිතයකු ලවා සිදු කර ගන්න. බලය නොලත් පුද්ගලයින් විසින් සිදුකරන
ක්රියා දාමයන් නිසා පැනනඟින හානි වලට නිෂ්පාදකයා වග කියනු නොලැබේ..
u
ජල සැපයුම් සහ ජලය ඉවත් කිරීමේ හෝස් බට සුරක්ෂිත ලෙස සවි කර තිබිය යුතු
අතර ඒවාට හානි සිදු නොවී තිබිය යුතුය. එසේ නොමැති නම් ජල කාන්දු වීමක් සිදු
වීමට ඉඩ ඇත.
u
නිෂ්පාදනය තුළ ජලය රැඳී තිබෙන විට, කිසිදු අවස්ථාවක පැටවීමේ දොර විවෘත
නොකරන්න හෝ ෆිල්ටරය ඉවත් නොකරන්න. එසේ නොකරන්නේ නම්, ජල
ගැල්මක් ඇති වීම හෝ උණු ජලය නිසා තුවාල සිදුවීමක් ඇති විය හැකිය.
u
අගුලු දමා ඇති පැටවීමේ දොර බලෙන් විවෘත නොකරන්න. සේදීමේ චක්රය
අවසන් වීමෙන් විනාඩි කීපයක් තුළ දොර විවෘත කළ හැකිය. පැටවීමේ දොර
බලෙන් විවෘත කිරීමට උත්සාහ දරන්නේ නම්, දොර සහ එහි අගුලු යාන්ත්රණයට
හානි සිදු වීමට ඉඩ ඇත.
u
ස්වයංක්රීය රෙදි සෝදන යන්ත්ර සඳහා සුදුසු ඩිටර්ජන්ට්, මෘදු කිරීමේ ද්රව්ය සහ
අතිරේක පමණක් භාවිතා කරන්න.
u
රෙදිපිළි ඇඟලුම් ලේබල් වල සහ ඩිටර්ජන්ට් ඇසුරුමේ ඇති උපදෙස් අනුගමනය
කරන්න.